අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Dave Branon

ඩේව් බ්‍රෑනන්

ඔබ ඩේව් බ‍්‍රෑනන් විසින් රචිත ලිපි වසර ගණනාවක් කියවූ අයෙක් නම් ඔබ ඔහුගේ පවුල පිළිබඳ සහ පියෙකු ලෙස (දැන් සීයා කෙනෙකු ලෙස) ඔහු උගත් පාඩම් දන්නවා ඇත. පුරා වසර 18ක් "ස්පෝට් ස්පෙක්ට‍්‍රම්" සගරාවේ ප‍්‍රධාන සංස්කාරක ලෙස සේවය කිරීමෙන් පසු, ඔහු දැන් අපගේ "ඩිස්කවරි හවුස්" හී සංස්කාරක වරයෙකු වේ. වසර ගණනාවක් ස්වාධීන ලේඛකයෙක් ලෙසින් ඔහු පොත් 15ක පමණ කර්තෘ විය. ඩේව් සහ ඔහුගේ භාර්යාව සූ, රෝද සපත්තු ක‍්‍රීඩාවේ යෙදීමට හා ඔවුන්ගේ දරු මුනුපුරන් සමග කාලය ගෙවීමට ප‍්‍රිය කරයි. ඩේව් තම සිසු සිසුවියන් සමග සේවය සඳහා සංචාරයේ යෙදීමටද ප‍්‍රිය කරයි.

ඩේව් බ්‍රෑනන් විසින් රචිත ලිපි

ලේනුන්ගේ කථාව

මම අපගේ වත්තේ පොළොව මත දැළක් එලා එය උඩ අලංකාර ගල්පතුරු යොදමින් සිටියෙමි. මා වැඩය අවසන් කිරීමට යන විට දැලෙහි ලේනෙකු පැටලී සිටිනවා ටුවෙමි. මම මගේ අත්වැසුම් දමාගෙන සෙමින් දැලෙන් ලේනා නිදහස් කිරීමට උත්සාහ කළෙමි. පොඩි එකා මගේ ක‍්‍රියාව ගැන සතුටු නොවීය. ඌ උගේ පසුපස පාද ගසමින් මා සපා කෑමට උත්සාහ කළේය. "යාළුවා, මම නුඹට රිදවන්නේ නැහැ. කලබල වෙන්න එපා"…

සෙනඟට මතක් කර දෙන්න

සාමාන්‍යයෙන් සතියකට අපට බොහෝ විද්‍යුත් පණිවුඩ ලැබේ. ඒ යමෙක් බැහැදැකීමට හෝ නැතිනම් යම් අයෙකුට යාච්ඤා කිරීමටය. එ් සියල්ල අවශ්‍ය මතක් කිරීම්ය. පාවුල් තම "පැපිරස් මේල්" තීතස්ට යැවූ විට ඔහු තම සටහන අවසන් කළේ "සිහි කරවන්න" කියාය (3:1). පාවුල් වචන තෝරාගෙන ඇති ආකරය දෙස බැලූ විට අපට සිතාගත හැක්කේ මේ ගැන පාවුල් දැනටම ලියා ඇති බවයි. ඒවා සභාවේ අයට කෙතරම් වැදගත්…